වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. රෝග ව්‍යාප්තියත් සමඟ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 32කි.
ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, ගත වූ පැය 24ක කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බවයි.
















