තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (01) උදෑසන ආරම්භය ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය පෙරවරු 11.00 ට නිසි පරිදි ආරම්භ විය.
වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රීයව පැවති මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් අත්හිටුවීමේ පියවර ක්‍රියාත්මක කිරීමේදී, වැරදීමකින් සක්‍රීය ගිණුම් කිහිපයක් ද අත්හිටුවීමට ලක්ව තිබුණි. එම දෝෂය නිවැරදි කිරීම සඳහා වෙළෙඳපොළ ආරම්භය මෙලෙස ප්‍රමාද කිරීමට සිදු වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















