නැගෙනහිර පළාතේ රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, කල්මුණේ උතුර මූලික රෝහලේ විකලාංග ශල්‍යාගාරය වෙත රුපියල් මිලියන 68ක් වටිනා අති නවීන ආත්‍රොස්කොපික් (Arthroscopic) යන්ත්‍රයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රය රෝහලට භාරදීම සිදු කෙරිණි. මෙමගින් දණහිස, උරහිස සහ වලලුකර වැනි සන්ධි ආශ්‍රිත ආබාධ, තුවාල මෙන්ම ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට වඩාත් උසස් ප්‍රතිකාර ලබාදීමේ හැකියාව උදාවනු ඇත.
















