ඊශ්‍රායල ආර්ථිකය මේ වන විට ශක්තිමත් මට්ටමක පවතින බව පවසන අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගන්නා මූල්‍ය ආධාර මුළුමනින්ම නතර කිරීමට පියවර ගන්නා බව නිවේදනය කරයි.
තමන් කිසිවෙකු මත යැපීමට අවශ්‍ය නැති බව අවධාරණය කරන අගමැතිවරයා, ඇමෙරිකානු ආධාර මත යැපීම හේතුවෙන් ඊශ්‍රායලය ඇමෙරිකාවේ ගැතියෙකු ලෙස බොහෝ පාර්ශ්ව සිතන බවත්, එම තත්ත්වය වෙනස් විය යුතු බවත් සඳහන් කර ඇත.
















