වර්තමාන රජයේ එකම කඩිනම් වැඩපිළිවෙළ වී ඇත්තේ දිනකට දෙදෙනා බැගින් යම් චෝදනා එල්ල කර අත්අඩංගුවට ගැනීම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, රජය සතුව රට දියුණු කිරීමට වෙනත් කිසිදු සැලැස්මක් නොමැති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා, “රජයේ සේවකයන්ට තමන්ගේම වාහනයක් මිලදී ගත හැකි අනාගතයක් ලබා දෙන බවට පොරොන්දු වුවද, අද ඔවුන් හාල් කිලෝ 20ක් ණයට ලබා ගන්නා තත්ත්වයට පත්ව තිබෙනවා. විශාල ලෙස තැපැල් ඡන්ද ලබා දුන් රජයේ සේවකයන්ව අද ඇමති ලාල් කාන්ත මහතා විසින් ප්‍රසිද්ධියේම හොරුන් ලෙස හඳුන්වනු ලබනවා. රජයේ සේවකයන්ට මෙතරම් අවමන් සහගත ලෙස ප්‍රතිචාර දක්වන පාලනයක් මීට පෙර නිර්මාණය වී නැහැ. මෙය ඒ අතින් රටේ පත් වූ කැතම පාලනයයි” යනුවෙන් ප්‍රකාශ කළේය.
















