උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ‘REVIVE’ ව්‍යාපෘතියේ දෙවන අදියර සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරාය සහ යාපනය ගුරුනගර් ධීවර ගම්මානය ආශ්‍රිත යටිතල පහසුකම් නවීකරණයට සැලසුම් කර ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය.
කොඩ්බේ වරාය සංවර්ධනය යටතේ ජැටිය හා ස්ලිප්වේ ප්‍රතිසංස්කරණය, නවීන ශීතකරණ පද්ධති සහ අක්කර 27ක භූමියක මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට යෝජිතය. ගුරුනගර් ධීවර ගම්මානය වෙනුවෙන් මත්ස්‍ය වෙන්දේසි ශාලා සහ සෞඛ්‍යාරක්ෂිත කරවල වේලන අංගන ඇතුළු පහසුකම් සැපයීම අරමුණයි. මීට අමතරව, ‘REVIVE 2’ දෙවන අදියර යටතේ මුහුදු පැලෑටි, මුහුදු කූඩැල්ලන්, කකුළුවන් සහ ඉස්සන් වගාවන් සඳහා අගය එකතු කිරීමේ දාමයන් ශක්තිමත් කිරීමටත්, දකුණු කොරියාව වැනි රටවල් සමඟ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් සැලසුම් කර ඇත. ධීවර ක්ෂේත්‍රය සාම්ප්‍රදායික මට්ටමෙන් ඉවත් කර දත්ත මත පදනම් වූ නවීන කාර්මික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















