කටාර් එයාර්වේස් සමාගම දෝහා සහ කොළඹ අතර දෛනික ගුවන් ගමන් පහක් අද (ජූලි 01) සිට යළි ආරම්භ කරමින් සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත. මෙම නව කාලසටහන සමඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සතියකට ක්‍රියාත්මක වන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ යයි. මෙමගින් ශ්‍රී ලංකාව සහ කටාර් අතර ගමන් කරන මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සම්බන්ධතා පහසුකම් මෙන්ම ව්‍යාපාරික හා සංචාරක මගීන් සඳහා වැඩි ගමන් විකල්ප රැසක් උදාවනු ඇත.
















