කොච්චිකඩේ පොලිස් වසමට අයත් මාඔයේ පිහිනමින් සිටි 27 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. ඊයේ (ජූනි 30) දින යහළුවන් පිරිසක් සමඟ මාඔයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව කොච්චිකඩේ පොලිසිය පවසයි.
අතුරුදන් වූ තරුණයා යෝගියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ තරුණයා සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන්ගේ ද සහාය ඇතිව කොච්චිකඩේ පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
















