රජයේ සංවර්ධන ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යෑමේ අරමුණින් අත්‍යවශ්‍ය උපයෝගිතා වාහන සහ යන්ත්‍රෝපකරණ 535ක් කඩිනමින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
විවිධ රාජ්‍ය ආයතන සතු වාහන හිඟය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති බාධා ඉවත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. ඒ අනුව මිලදී ගැනීමට නියමිත වාහන සහ යන්ත්‍රෝපකරණ වර්ගීකරණය පහත දැක්වේ
ට්‍රැක්ටර් රථ: 175
ටිපර් රථ: 160
ගලි බවුසර්: 100
බැකෝ යන්ත්‍ර (Backhoe Loaders): 100
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට නියමිතය.
















