දකුණු අප්‍රිකාව පුරා පැවැති සංක්‍රමණික විරෝධී විරෝධතා අතරතුර පුද්ගලයින් 900කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය පවසයි. පසුගිය අඟහරුවාදා (ජූලි 01) පැවැති විරෝධතා 120න් 108ක්ම සාමකාමීව අවසන් වුවද, විරෝධතා 12කදී කලහකාරී තත්ත්වයන් සහ කොල්ලකෑම් වාර්තා වී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිවිරෝධී ලෙස රටේ රැඳී සිටි සංක්‍රමණිකයින් මෙන්ම ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ සහ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයින් ද සිටින බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටෙබෙලෝ මොසිකිලි මහතා ප්‍රකාශ කළේය. ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවලට පහරදීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා මතුව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජොහැන්නස්බර්ග් නුවර හිල්බ්‍රෝ ප්‍රදේශයට සහ තවත් පළාත් කිහිපයකට අමතර පොලිස් සහ හමුදා බලඇණි යොදවා ඇත.
















