හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචිය ඩිජිටල්කරණය කිරීම මෙන්ම ‘ටෙලිමෙඩිසින්’ (Telemedicine) තාක්ෂණය ඔස්සේ රෝගීන් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 01) සිදු විය.
මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ පළමු රෝගියා ලියාපදිංචි කිරීම සහ පාදුක්ක රෝහලේ රෝගියෙකු දුරස්ථ වීඩියෝ ක්‍රමවේදය හරහා කළමනාකරණය කිරීම ද මෙහිදී අත්හදා බැලුණි. මෙම ඩිජිටල්කරණය මඟින් රෝහල් වියදම් අවම වීම, සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම, රෝහල් ධාරිතාව උපරිමයෙන් භාවිත කිරීම සහ දත්ත පදනම් කරගත් නිවැරදි තීරණ ගැනීම ඇතුළු ප්‍රතිලාභ රැසක් රෝහල් පරිපාලනයට හිමිවේ.
















