2025 නොවැම්බර් මාසයේ සිදුවූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක පමණ සමස්ත හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය සහාය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම සහන පැකේජය ඇමෙරිකානු ඩොලර් මිලියන 450කින් සමන්විත වන අතර, එය ණය සහ ප්‍රදාන ලෙස කොටස් දෙකකින් ක්‍රියාත්මක වේ. ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක ණය පහසුකමක් (දිගුකාලීන ණය මිලියන 250ක් සහ කෙටිකාලීන ණය මිලියන 100ක් ලෙස) සහ යටිතල පහසුකම්, සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස ඇතුළු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් හිමිවීමට නියමිතය.
















