රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී පවතින වාහන හිඟය මඟහරවා ගැනීම සඳහා උපයෝගිතා වාහන 535ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
රජයේ ආයතනවල මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත. අදාළ ආයතනවල පවතින වාහන හිඟය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව සහ සාර්ථකව සිදු කිරීමට බාධාවක්ව පවතින බව හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රසම්පාදනයට අනුව මිලදී ගැනීමට නියමිත වාහනවලට ට්‍රැක්ටර් රථ 175ක්, ටිපර් රථ 160ක්, ජල බවුසර් 100ක් සහ බැක්හෝ ලෝඩර් යන්ත්‍ර 100ක් ඇතුළත් වේ.
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලැබී ඇත.
















