කටාර් රාජ්‍යයේ එමීර් ෂීක් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) යන මහත්වරුන් ලුසෙයිල් (Lusail) මාලිගයේදී හමු වී තිබේ.
මෙහිදී මැදපෙරදිග කලාපයේ පවතින නවතම දේශපාලන සහ ආරක්ෂක වර්ධනයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම (MoU) යටතේ දැනට දෝහා නුවරදී වක්‍රව සිදුවන තාක්ෂණික සාකච්ඡාවල ප්‍රගතිය සමාලෝචනය කර ඇත.
මීට අමතරව, ලෙබනනයේ පවතින තත්ත්වය ද සාකච්ඡාවට බඳුන් වූ අතර, ලෙබනනයේ ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය ආරක්ෂා වන පරිදි එරට සටන් විරාමය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශවය විසින්ම අවධාරණය කරන ලදී.
පකිස්ථානය සමඟ එක්ව මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීමට කටාර් රාජ්‍යය මැදිහත්කරුවෙකු ලෙස දක්වන දායකත්වය මෙහිදී එමීර්වරයා යළිත් තහවුරු කළ අතර, සාකච්ඡා මාර්ගයෙන් කලාපීය සාමය උදාකර ගැනීමට ඇමරිකාව කැපවී සිටින බව ඇමරිකානු නියෝජිතයෝ ද සඳහන් කළහ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















