ගාසා තීරයේ පශ්චාත් යුද පාලන කටයුතු සඳහා වන පලස්තීන කමිටුව, සාම මණ්ඩලය (Board of Peace), ගාසා තීරය සඳහා වන උත්තරීතර නියෝජිත කාර්යාලය සහ ටෝනි බ්ලෙයාර් ආයතනයේ (Tony Blair Institute) විද්වතුන් සමඟ සයිප්‍රස්හිදී පැවැත්වූ විශේෂ සාකච්ඡා වටය සාර්ථකව අවසන් කර තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ට කඩිනම් සහන සැලසීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙරෙහි ය.
ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුම් මධ්‍යයේ වුවද, ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් වාර්තා වන පසුබිමක මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම සුවිශේෂී වේ. 2023 ඔක්තෝබර් මස යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගලයන් 73,069කට අධික පිරිසක් මියගොස් 173,514 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇස්තමේන්තු කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














