එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සහ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (01) සිය සහතිකය තබා තිබේ.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත (2026 අංක 14) ජාතික බදු රාමුව නවීකරණය කිරීම අරමුණු කරගනිමින් මෙය හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය ඉලක්ක කරගනිමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම, විකුණුම් පර්යන්ත යන්ත්‍ර (POS machines) භාවිතය අනිවාර්ය කිරීම සහ බදු පැහැර හැරීම්වලට එරෙහි දඬුවම් දැඩි කිරීම මෙහි අන්තර්ගත වේ.
සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත (2026 අංක 13) මෙම පනත් කෙටුම්පත හරහා සිවිල් සහ වාණිජමය ආරවුල් විසඳීම සඳහා වඩාත් කාර්යක්ෂම සහ විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ.
මෙම පනත් කෙටුම්පත් දෙක පිළිවෙළින් 2026 ජුනි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, කථානායකවරයාගේ අත්සන තැබීමත් සමඟ ඒවා මේ වන විට නීතියක් ලෙස බලාත්මක වේ.














