ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (ජූලි 01) පස්වරුවේ භාර දෙන ලදී.
ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා දැනට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද කටයුතු කරයි.














