බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා වූ විශේෂ පාඨමාලාවක් වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සාර්ථකව අවසන් විය. පුහුණුකරුවන් 47 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පාඨමාලාව ජපාන ජාතික ප්‍රවීණ පුහුණුකරු කිම් යංග් මාන් මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මෙම පාඨමාලාව හරහා උසස් පුහුණු ක්‍රමවේද, උපායමාර්ගික සංවර්ධනය, ක්‍රීඩක සූදානම සහ නවීන ශිල්පීය ක්‍රම පිළිබඳව පුහුණුකරුවන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ලබා දීම අරමුණු කෙරිණි.
පසුගියදා කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවැති සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ බොට්ස්වානා ගෞරව නියෝජ්‍ය කොන්සල් ජනරාල් සහ APACS ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජයසිරි සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසත්, APACS ආසියා කලාපීය ප්‍රවර්ධන ප්‍රධානී පැට්‍රීෂියා ඇලෙක්සැන්ඩර් මහත්මිය ගෞරවනීය ආරාධිතයා ලෙසත් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණු ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ අනාගත ක්‍රීඩක පරපුර දක්ෂතා සපිරි පිරිසක් ලෙස හැඩගැස්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.














