අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් (Jayne Howell) මහත්මිය අතර විශේෂ හමුවක් පෙරේදා (ජූලි 01) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත (Online Safety Bill) සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ පවතින තත්ත්වයන් මෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එම අවස්ථාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














