ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2025 වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ (2026) ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 9.9%ක පහත වැටීමක් වාර්තා වී තිබේ.
අදාළ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2025 වසරේ ජූනි මාසයේදී සංචාරකයින් 138,241ක් මෙරටට පැමිණ ඇති අතර, මෙම වසරේ ජූනි මාසයේදී එම සංඛ්‍යාව 124,551ක් දක්වා අඩු වී ඇත.
සංචාරක කර්මාන්තයේ පවතින මෙම පසුබෑම රටේ ආර්ථිකයට සෘජුවම බලපෑම් කළ හැකි සාධකයක් ලෙස දේශපාලන හා ආර්ථික විචාරකයින් පෙන්වා දෙයි. 2026 වසරේ පළමු මාස කිහිපය තුළ පැවති සංචාරක පැමිණීමේ ප්‍රවණතා පිළිබඳව ද ඉදිරියේදී වැඩිදුරටත් කරුණු අනාවරණය වනු ඇත.













