පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ මෙහෙයුම්වල 2026 ජූලි 01 වැනිදාට අදාළ දත්ත වාර්තාව පහත දැක්වේ.
අදාළ මෙහෙයුම්වලදී පොලිසිය විසින් සිදු කරන ලද වැටලීම්වල ප්‍රගතිය මෙසේය:
පරීක්ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 26,377කි. එම මෙහෙයුම්වලදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 652ක් වන අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 25 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, දින වරෙන්තුකරුවන් 247 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 129 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ. රථවාහන වැරදි සම්බන්ධයෙන් ගත් කල, මත්පැන් පානය කර රිය පැදවූ පුද්ගලයින් 53 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ 129 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් රථවාහන වැරදි 4,249ක් වාර්තා වී ඇත.














