මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර සැපයුම් ආයතනයක් වන ‘මිස්ටර් කොත්තු’ (Mr. Kottu) සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් මත, එම ආයතනය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
අදාළ ආයතනයේ ක්‍රියාකාරිත්වය සහ සේවක සුබසාධනය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින් මෙම විශේෂ පරීක්ෂණය දියත් කිරීමට නියමිතය. ඒ අනුව, එම ආයතනයට අයත් සියලුම ශාඛාවන් පරික්ෂාවට ලක් කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම පරීක්ෂණයේදී මතු වී ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා ගන්නා අතරම, අදාළ ආයතනය රජයේ නීති රීතිවලට අනුකූලව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.
















