ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා අද (01) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී තම ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
නව සභාපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු බලතල සහ කාර්යක්ෂමතාව යළි ශක්තිමත් කරමින්, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි සැබෑ “One-Stop Shop” ආයතනයක් බවට පත් කිරීම තම ප්‍රධාන අරමුණ බවයි.
මෙම නව වැඩපිළිවෙළ හරහා දේශීය සහ විදේශීය ආයෝජන දිරිමත් කරමින්, ශ්‍රී ලංකා ආර්ථිකය නව පිම්මකට යොමු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වේ.
















