පාසල් සිසුන් සහ උපකාරක පන්තිවලට සහභාගී වන සිසුන් සඳහා දුම්වැටි අලෙවි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වෙළෙඳසැල් හිමියන් පිරිසකට දඩ නියම කර තිබේ.
කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙළෙඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව පොලිස් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාගත් තොරතුරු මත අධිකරණයේ නඩු පවරා තිබුණි. එහිදී චෝදනා ඔප්පු වූ වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.
එම නඩුව සඳහා අධිකරණයට ඉදිරිපත් නොවූ සෙසු වෙළෙඳසැල් හිමියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















