රුවන්වැල්ල, බටුපිටිය ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයකදී ත්‍රිරෝද රථයක් සෝදා පිරිසිදු කරමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු විදුලි සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය තරුණයා ගයාන් උදයංග නමැත්තෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රිරෝද රථය සෝදන අතරතුර ජලයට විදුලිය කාන්දු වීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට ලක්වූ තරුණයා වහාම කරවනැල්ල රෝහලට රැගෙන ගියද, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















