ඇමරිකානු පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පැවැත්වීමට හෝ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) කිසිදු බලයක් නොමැති බව ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, එම අධිකරණය මඟින් සිදු කරන කිසිදු පරීක්ෂණයකට ඇමරිකා එක්සත් ජනපදය සහාය නොදක්වන බවයි. ඇමරිකාව මෙම අධිකරණයේ සාමාජිකයෙකු නොවන බැවින්, තමන්ගේ රටේ පුද්ගලයන් පිළිබඳ තීරණ ගැනීමට ජාත්‍යන්තර අධිකරණයට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද වොෂින්ටනය නිකුත් කළ ලිපියේ දැක්වේ.
















