රුවන්වැල්ල, බටුපිටිය ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයකදී (Service Station) සිදු වූ විදුලි සැර වැදීමකින් 18 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මියගිය තරුණයා එම ස්ථානයේම සේවය කළ අයෙකු බව රුවන්වැල්ල පොලීසිය පවසයි.
අදාළ තරුණයා ත්‍රිරෝද රථයක් සෝදා පිරිසිදු කරමින් සිටින අතරතුර, ජලයට විදුලිය කාන්දුවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවූ වහාම ඔහුව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
















