යුක්රේන අගනුවර වන කියෙව් (Kyiv) වෙත රුසියාව විසින් එල්ල කරන ලද දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය මෙම වසර තුළ (2026) කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ මාරාන්තික සහ දරුණුතම ප්‍රහාරය ලෙස සටහන් වේ.
බ්‍රහස්පතින්දා අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 130කට ආසන්න සංඛ්‍යාවකට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයත් සමඟ කියෙව් නගරය පුරා ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති අතර, දහස් සංඛ්‍යාත වැසියන් ආරක්ෂිත බංකර් සහ භූගත දුම්රිය ස්ථාන වෙත පළාගොස් ඇති බව වාර්තා වේ. මොස්කව් බලධාරීන් ප්‍රකාශ කරන්නේ තමන් ඉලක්ක කළේ යුද, බලශක්ති සහ ගුවන් තොටුපළ මධ්‍යස්ථාන බවයි. කෙසේ වෙතත්, මෙම ඛේදවාචකය හේතුවෙන් යුක්රේන රජය සිකුරාදා දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි චෝදනා කරන්නේ මිත්‍ර රටවල් තමන්ට නියමිත වේලාවට ගුවන් ආරක්ෂණ පද්ධති ලබා දීමට අපොහොසත් වූ බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















