බදුල්ල නගරාසන්නයේ පිහිටි අළුගොල්ල කන්දේ ඇති වූ දරුණු ගින්නක් හේතුවෙන් අක්කර 40කට අධික විශාල භූමි ප්‍රමාණයක් ගිනිබත් වී විනාශ වී තිබේ. හාලිඇළ සහ බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත් මෙම කන්දේ මුදුනින් හටගත් ගින්න, ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මධ්‍යම රාත්‍රිය වන තෙක්ම වේගයෙන් පැතිර ගොස් ඇත.
ගින්නේ පැවති අධික ප්‍රබලතාවය හේතුවෙන් එය මැඬපැවැත්වීමට සෘජුව මැදිහත් වීම නිලධාරීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් වූ බැවින්, ගින්න නිවීම සඳහා යුද හමුදාව පවා නොකැඳවීමට වන සංරක්ෂණ නිලධාරීන් පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳන් කරයි.
















