දිළිඳුකම තුරන් කිරීමේ ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහන යටතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 172ක මුදලක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රට පුරා ග්‍රාම නිලධාරී වසම් 14,022ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක් වෙන් කර ඇත.
කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 37කින් ලැබුණු සංවර්ධන යෝජනා අතරින් දැනටමත් රුපියල් මිලියන 55ක් වටිනා ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද මෙම හමුවේදී අනාවරණය විය. ග්‍රාමීය මට්ටමින් ලැබී ඇති සංවර්ධන යෝජනා වලින් 70%ක්ම දිළිඳුකම තුරන් කිරීමේ අරමුණු සමඟ සමපාත වන බව අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්හ.
















