දේශගුණික විපර්යාස, වයස්ගත වන ජනගහනය සහ බෝ නොවන රෝග වැනි අනාගත සෞඛ්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වෙනස් වන අවශ්‍යතාවලට අනුකූල විය හැකි කුසලතා පූර්ණ සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) සියවස සනිටුහන් කරමින් (1926 – 2026) පැවැති ශත සංවත්සර සම්මේලනය අමතමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය මෙන්ම රෝග නිවාරණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ පිටුපස සියවසක් පුරා මෙම ආයතනය ඉටුකළ මෙහෙවර අගය කළ අගමැතිනිය, නවීන සෞඛ්‍ය යටිතල පහසුකම් සහ ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන් රජය අඛණ්ඩව ආයෝජනය කරන බවට සහතික වූවාය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ‘NIHS-100 Years’ සමරු ග්‍රන්ථය එළිදැක්වීම සහ සමරු මුද්දරය නිකුත් කිරීම ද අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
















