2025–2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස, ඉන්දීය කණ්ඩායම අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වේ.
පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරග දෙකම පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය.
















