විදුලිබල පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සහ දෙහිවල හා මාළිගාවත්ත එළි හවුස් (Elie House) ජල පොම්පාගාර ආශ්‍රිතව සිදු කෙරෙන වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන්, හෙට (04) සෙනසුරාදා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙම විදුලිබල නඩත්තු කටයුතු නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලිය තාවකාලිකව විසන්ධි කෙරෙන අතර, ඉන් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල.
මෙම කාලසීමාව තුළ ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කණගාටුව පළ කරන අතර, ප්‍රමාණවත් පරිදි ජලය කල්තියා ගබඩා කරගෙන පරිස්සමින් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















