සෑම පුරවැසියෙකුටම හිසට සෙවණක් ලබා දීම රජයක පවතින මූලික වගකීමක් බවත්, එම අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතිවල සාර්ථකත්වයක් ලෙස දස දහස් (10,000) වැනි නිවස සඳහා ද පසුගිය දින කිහිපයේදී මුල්ගල් තැබූ බවත් සුසිල් රණසිංහ මහතා පවසයි.
ජනතාවගේ නිවාස ගැටලු විසඳීම වෙනුවෙන් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට සහ රටේ සියලුම පුරවැසියන් වෙනුවෙන් නිවාස පහසුකම් තහවුරු කිරීමට රජය කැපවී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















