අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් අදාළ ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසා දී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
















