‘USS Kearsarge’ යුද නෞකාවේ සිටින නාවික සහ මැරීන් භටයින් අමතමින් ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance), රටක ඉදිරි ගමන සඳහා ජාතික එකමුතුකම (National Unity) කොතරම් වැදගත් ද යන්න අවධාරණය කර තිබේ. ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් ඔහු කළ මෙම කතාවේදී, රටක් ලෙස ලබාගත් සියලු ජයග්‍රහණවල රහස සමගිය බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතිය ඇමතූ උපජනාධිපතිවරයා මෙසේ පැවසීය:
“රටක් විදිහට අපි කරපු හැම දෙයක්ම කළේ බෙදිලා වෙන් වෙලා නෙවෙයි. පොදු අනාගතයක් වෙනුවෙන් එකට එකතු වුණු පොදු ජනතාවක් විදිහටයි.”
එමෙන්ම ඇමරිකාවේ ශ්‍රේෂ්ඨත්වය උදාවූයේ ජෝර්ජ් වොෂින්ටන් වැනි නායකයින්ගෙන් පමණක් නොවන බවත්, දෙවන ලෝක යුද සමයේ කැපවීම් කළ සාමාන්‍ය සටන්කාමීන්, කර්මාන්තශාලාවල වැඩකළ කාන්තාවන් (Rosie the Riveter), ගොවිපළවල තරුණියන් මෙන්ම සඳ තරණය කිරීමේ මෙහෙයුමට දායක වූ තමන්ගේ සීයලා වැනි සාමාන්‍ය පෑස්සුම්කරුවන් (Welders) නිසා බවත් ඔහු සිහිපත් කළේය. රටක් ගොඩනැඟීමේදී “අප සැමටම වගකීමක් සහ කොටසක් තිබෙනවා” (All of us have a part) යන්න ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















