ශ්‍රී ලංකාව සතු වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය ඉහළ ප්‍රමිතියකින් යුක්ත බවත්, ඒ පිළිබඳව අප සැමවිටම ආඩම්බර විය හැකි සුවිශේෂී උරුමයක් රට සතු බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.
වෛද්‍ය ක්ෂේත්රයේ ප්රගමනය සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා දායක වන වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීමේදී මෙම උරුමය ආරක්ෂා කර ගැනීම සහ එය නවීන ලෝකයට ගැළපෙන පරිදි අඛණ්ඩව සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















