විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළ කිසිදු වරදක් තමා නොදකින බවත්, එම පියවරට විපක්ෂය විරුද්ධ වීම කිසිදු පදනමක් නොමැති “හතර බීරි කතාවක්” බවත් මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
අදාළ තීරණය අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සේවය රටට ලබා ගැනීම අරමුණු කරගනිමින් ගත් එකක් බව පෙන්වා දෙන මාරසිංහ මහතා, ඒ සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන විවේචන අසත්‍ය සහ අතාර්කික බව අවධාරණය කළේය.
















