හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමනය අඩාල කිරීමට ඉරානය සතු හැකියාව, ඔවුන් සතුව න්‍යෂ්ටික අවියක් පැවතීමට සමාන බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව් (Dmitry Medvedev) මහතා පවසයි.
ඉරානයේ අභාවප්‍රාප්ත උත්තරීතර නායක අලි කමේනි (Ali Khamenei) මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී ආපසු පැමිණෙන අතරතුර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මේ බව සඳහන් කළේය. ලෝක තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සතු ප්‍රබලම දේශපාලන සහ යුධමය මෙවලම බව මෙයින් පැහැදිලි කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















