චීනය වෙත උසස් තත්වයේ පරිගණක චිප්ස් (Advanced Chips) ඇතුල්වීම වැළැක්වීම සඳහා ඇමරිකානු රජය වසර ගණනාවක් තිස්සේ විවිධ බාධක සහ සීමාවන් පැනවීමට කටයුතු කළ ද, හොංකොං නගරය හරහා එම චිප්ස් ඉතා පහසුවෙන් චීනය වෙත ගලා යමින් පවතින බව හෙළි වේ. 2026 වසරේ පළමු මාස 5 ඇතුළත පමණක් චීනය ඩොලර් බිලියන 239ක වාර්තාගත චිප්ස් ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර, එයින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් චීනය වෙත ගලා ගොස් ඇත්තේ හොංකොං හරහා ය. මීට දශකයකට පෙර හොංකොං හරහා සිදුවූයේ මෙවැනි ආනයනවලින් තුනෙන් එකක ප්‍රමාණයක් පමණි.
කිසිදු තීරුබදු අය නොකිරීම, මුදල් ගනුදෙනු ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකිවීම සහ ලොව හොඳම ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පැවතීම නිසා හොංකොං නගරය මෙම ජාවාරමට ඉතා සුදුසුම ස්ථානය බවට පත්ව ඇත. මේ හේතුවෙන් ඇමරිකාව විසින් තහනම් කිරීමට උත්සාහ කරන අධි-තාක්ෂණික චිප්ස් චීනය වෙත ලබාගැනීමේ ප්‍රධානතම දොරටුව බවට හොංකොං පත්ව තිබේ. ඇමරිකාව කොතරම් දැඩි නීති පැනවූවත්, දියුණු ගුවන් තොටුපළක් සහ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් ඇති හොංකොං නගරය නිසා එම බාධක සියල්ල අසාර්ථක වී ඇති බව මෙයින් පෙනී යයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















