චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ පාලන දර්ශනය ඇතුළත් අලුත්ම කෘතිය (Volume V), ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉතා වැදගත් මගපෙන්වීමක් සපයන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං (Qi Zhenhong) මහතා පවසයි.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති විශේෂ පාඨක සමුළුවකට එක්වෙමින් තානාපතිවරයා කියා සිටියේ, චීනය ලබාගත් දියුණුව සහ නවීකරණ ප්‍රතිපත්ති පිළිබඳ වැදගත් කරුණු රැසක් මෙම පොතේ අඩංගු වන බවයි. ආර්ථිකය වේගවත් කිරීම, ඩිජිටල් තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ දිළිඳුකම තුරන් කිරීම වැනි ක්ෂේත්‍රවලින් ලංකාවට මේ හරහා ආදර්ශ ලබාගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය. 2027 වසරට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන බැවින්, ලංකාව සමඟ තවදුරටත් සමීපව වැඩ කිරීමට චීනය සූදානම් බව ද මෙහිදී ප්‍රකාශ විය. කථානායක ජගත් වික්‍රමරත්න සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















