ඩෙල්ෆ් දූපතේ මාවෙලි සිට පෙරියතුරෙයි දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 3.650 සිට 5.350 දක්වා වූ කොටස සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (05) නිල වශයෙන් ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 135.9ක මුදලක් වෙන් කර තිබේ.
මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2026 වසරේ ඔක්තෝබර් 04 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතය. දූපත් වාසීන්ගේ දෛනික ගමනාගමන පහසුව උසස් කිරීම, කලාපයේ ආර්ථික හා සමාජීය කටයුතු සවිබල ගැන්වීම සහ ප්‍රදේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වේ.














