කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2026 ජූලි 05 දින රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 228ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කර ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි වියේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.














