කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 98.08කින් පහළ ගොස් ඒකක 22,080.65ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ඒකක 27.17කින් පහළ ගොස් ඒකක 6,167.05ක් ලෙස වාර්තා වුණි. දෛනික ගනුදෙනු අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.35ක් ලෙස සටහන්ව ඇත.
අද දින දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය ලැබුණේ වින්ඩ්ෆෝස් පීඑල්සී (Windforce PLC) සමාගමෙන් වන අතර, එහි රුපියල් 40.00 බැගින් වූ කොටස් මිලියන 7.6ක් ගිවිසාගත් ගනුදෙනු ලෙස හුවමාරු විය. ඒ අනුව රුපියල් මිලියන 372ක වින්ඩ්ෆෝස් කොටස් ප්‍රමාණයක් අද දින ගනුදෙනු වී තිබේ. මීට අමතරව රුපියල් මිලියන 100 සීමාව ඉක්මවා යමින් සිංගර් ශ්‍රී ලංකා (Singer Sri Lanka) සමාගම රුපියල් මිලියන 112ක කොටස් පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය.
















