පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන්ගේ ගමන් පහසු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ‘Motor Plus’ මෝටර් රථ රක්ෂණ සන්නාමය විසින් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම නොමිලේ ආපදා රථ සේවාව ජූනි මස 28, 29 සහ 30 යන දිනවල පැය 24 පුරා ක්‍රියාත්මක කෙරිණි.
බැතිමතුන්ගේ වන්දනා ගමන් ආරක්ෂිතව සහ බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. එහිදී ආපදාවට ලක් වූ රථ වාහන නොමිලේ ඇදගෙන යාම, ස්ථානයේදීම සුළු කාර්මික දෝෂ අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වාහන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම ඇතුළු සහන සේවා රැසක් සිදු කරනු ලැබීය.
මෙම සේවාව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණලාභීන්ට පමණක් සීමා නොවී, අනුරාධපුර පූජා භූමිය තුළ ආපදාවට ලක් වූ ඕනෑම රථ වාහනයක් සඳහා නොමිලේ ලබා දීම විශේෂත්වයක් විය. වන්දනා චාරිකාවල නිරත ජනතාවගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු කරමින්, සමාජ වගකීමක් ලෙස මෙම සේවාව ඉටු කිරීමට සමාගම කටයුතු කළ අතර, එය සිය ආයතනික සමාජ වගකීම් ශක්තිමත් කිරීමට ගත් පියවරක් ලෙස සැලකේ.















