ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා වන විගණකාධිපතිවරයාගේ වාර්තාවේ විශේෂිත කොටස් කිහිපයක් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. සභාගත කරන ලද වාර්තාවේ දෙවැනි කාණ්ඩයට අයත් 58, 59 සහ 60 යන කොටස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එම වාර්තාවේ නවවැනි කාණ්ඩයට අයත් 43 සහ 44 යන කොටස් ද මෙලෙස පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි.















