මැදපෙරදිග කලාපයේ හටගත් දරුණු යුදමය ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා, පසුගිය මැයි මාසයේදී අමෙරිකානු ගුවන් සේවාවල ඉන්ධන පිරිවැය 85%කින් පමණ ඉහළ ගොස් ඇති බව අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව (USDOT) ප්‍රකාශ කර තිබේ. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, 2025 වසරේ මැයි මාසයේදී ඉන්ධන සඳහා ඩොලර් බිලියන 3.62ක් වැය කර තිබූ අමෙරිකානු ගුවන් සමාගම්, මේ වසරේ (2026) මැයි මාසය වන විට ඩොලර් බිලියන 6.66ක දැවැන්ත මුදලක් ඒ සඳහා වැය කර ඇත.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ඉන්ධන ගැලුමක මිල ඩොලර් 1.88කින් ඉහළ ගොස් ඇති අතර, මැයි මාසයේදී ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 4.09ක් ලෙස සටහන් විය. කෙසේ වුවද, පසුගිය සති කිහිපය තුළ ඉරානය සහ අමෙරිකාව අතර පැවති දේශපාලන නොසන්සුන්තාව තරමක් දුරට සමථයකට පත්වීමත් සමඟ, ගුවන් යානා ඉන්ධන මිල නැවතත් වේගයෙන් පහත වැටෙමින් පවතින බවද එම වාර්තාවල දැක්වේ.
තොරතුරු උපුටා ගැනීම:Reuters ඇසුරින්
















