ඉරාන ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තමන් අතර ඇතැම් අවස්ථාවලදී සුළු මතභේද පැවතියද, ඉරානය මෙල්ල කිරීමේ ප්‍රධාන සහ වැදගත් කරුණුවලදී තමන් දෙදෙනා එකම ස්ථාවරයක පසුවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. අඟහරුවාදා CNN පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.
වොෂින්ටනය සහ ටෙහෙරානය (අමෙරිකාව සහ ඉරානය) අතර අන්තර්වාර සාම ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුව ඉදිරියේදී කුමක්ද සිදුවන්නේ කියා පැවසීමට තවමත් කල් වැඩි බව නෙතන්යාහු මෙහිදී පෙන්වා දුන්නේය. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නැවැත්වීමට තමන්ට හැකි බව ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කළද, ඒ පිළිබඳව තමන්ට යම් සැකයක් පවතින බව පැවසූ අගමැතිවරයා, ඇතැම් කරුණුවලදී එකඟ නොවූවත් තමන් සහ අමෙරිකාව සැබෑ මිත්‍රයින් ලෙස කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















