තෙල් මිල ඉහළ යාම සහ කැනඩාවේ වෙළෙඳ දත්ත වාර්තා සාර්ථක වීමත් සමඟ, එරට දේශීය ආර්ථිකය දෙවන කාර්තුව තුළ ශක්තිමත්ව නැවත හිස ඔසවමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැනේඩියානු ඩොලරයේ (Loonie) අගය 0.1%කින් ඉහළ ගොස් ඇත. පසුගිය මැයි මාසයේදී කැනඩාවේ අපනයන අඛණ්ඩව සිව්වන මාසයටත් ඉහළ යාම නිසා එරට වෙළෙඳ අතිරික්තය වසර හතරකට පසු උපරිම මට්ටම වන කැනේඩියානු ඩොලර් බිලියන 4.24ක් දක්වා පුළුල් වී තිබේ.
හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආසන්නයේ නෞකාවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට මතු වූ බියත් සමඟ කැනඩාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් වන බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් ඇත. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ 2025 වසරේ අවසන් කාර්තුවේ සහ 2026 වසරේ පළමු කාර්තුවේ පැවති ආර්ථික පසුබෑමෙන් කැනඩාව මේ වන විට මිදී ඇති බවයි. මේ අතර, කැනඩාව සහ තුර්කිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් (Free-trade agreement) සඳහා වන සාකච්ඡාද කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ (Mark Carney) කාර්යාලය විසින් නිල වශයෙන් ආරම්භ කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















