පසුගිය ජූනි මාසයේ දත්තවල යම් අඩුවීමක් පෙන්නුම් කළද, 2026 වසරේ බ්‍රසීලයේ සමස්ත වාහන අලෙවිය වසර 2014න් පසු වාර්තා වන ඉහළම මට්ටමට පැමිණෙනු ඇතැයි එරට මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය (Anfavea) පුරෝකථනය කර තිබේ. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම වසරේ වාහන අලෙවිය පෙර ඇස්තමේන්තුවලට වඩා 9%කින් පමණ ඉහළ ගොස් වාහන මිලියන 3ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය 2025 වසරට සාපේක්ෂව 12.1%ක කැපී පෙනෙන වර්ධනයකි.
මීට අමතරව, බ්‍රසීලයේ වාහන නිෂ්පාදනයද 2025 වසරට වඩා 5.8%කින් ඉහළ ගොස් වාහන මිලියන 2.8කට ආසන්න වනු ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, අනෙකුත් රටවල් වෙත සිදු කරන වාහන අපනයන පුරෝකථනයන් 13.8%කින් කපා හැරීමට සිදුව ඇති අතර, එය 2025 වසරට වඩා 12.8%ක පහත වැටීමකි. පසුගිය ජූනි මාසයේදී පමණක් බ්‍රසීලයේ වාහන අලෙවිය 0.8%කින් සහ නිෂ්පාදනය 3.0%කින් සුළු වශයෙන් පහත වැටී තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















